කවුළුවේ සුභ පැතුම......!

හැම දේටම කලින් මුලිම්ම මං ස්තූති කරන්න ඕනේ  සොභාදහම් මෑණියන්ට...!!!
මට ,ඔබට අපි හැමදෙනාටම මේ අළුත් අවුද්දේ පලවෙනි දවස දකින්න වරම් දුන්නට..
මං එහෙම කිව්වේ ඇයි?  හේතුව...
මට බැහැ තර්ක කරන්න ඇත්තටම ලොක විනාසයක් වෙන්න තිබුණාද? නැද්ද? කියලා. මට බැහැ තර්ක කරන්න දැන් තියෙන තත්වේ මත හෙට මොනවා වෙයිද කියලා. පහුගිය වෙනිදා පුදුම ආන්දෝලනයක් තිබුනා ලෝක විනාසයක් ගැන.දැන් කට්ටිය සැහැල්ලුවෙන් අමතක කලත් හැමෝගෙම තිගැස්මක් යටි හිතේ ඇති වුණා කියලා පිලිගන්නම වෙනවා.
මං වැරදියි නම් මට චෝදනා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ.
මං වුණත් වැඩි විශ්වාසයක් තිබුනේ නැහැ ලොක විනාසයක් ගැන,මොකද මං බුදුදහම තදින් විශ්වාස කරන නිසා  ( වරදවා හිතන්න එපා ,අනිත් ආගම් සියල්ලටම  මම ගරැ කරනවා), නමුත් මං හිතුවා යම් ප්‍රමාණයක ස්භාවික විපත් වලින් අපි අසරණ වෙයි කියලා.  හිතුවා වගේම මගේ මුළු ජීවිතේටම අත් නොව්න්ද දෙයක් කුරැණෑගලට සිද්ද වුණා.
දින තුනක්.. පැය හැත්තෑ දෙකක්.. නෙකඩවා එකම වේගයෙන්.. පුදුම වැස්සක් ඇද හැළුනා. මුළු හස්ථිශෛල පුරවරයම හෝදගෙන ගියා වගේ, අපේ ගෙවල් දොරවල් අඩි පහ හය යට වෙද්දි කුරැණෑගල තව පැති මාළු ටැංකි වගේ වෙලා,කොළඹ /මීගමු පාරවල් වලින් බස් වලට යන්න බැරි වුණා.පාලම් පුපුරලා   මුළු දිස්ත්‍රික්කය ම එකම පිස්සුවක් වුණා. කවදාවත් ගං වතුරක අත්දැකීම් නැති අපිට මොනවත් හිතාගන්න බැරි වුණා, අපි විතරක් නෙවෙයි හලාවත/පොලෙන්නරැව එකී මෙකී නොකී පැති ගෙඩක් මේ වගේ විපත් වලට මුහුන දුන්නා.

මීට කලින් අපිට මේවගේ විපත් වෙලා නැතුවානොවේ.නාය යෑම්,ගං වතුර,නියං, ජීවික හතලිස් දහසක් එකවර බිලී ගත් සුනාමිය මෙතරම් දුක් වින්ද අපිට  දෙසැම්බර් විසි එක තදින් දැනුනත් අනිවාර්යෙන් අපි හැමෝගෙම හෙටක් ගැන බලාපොරොත්තු පිරිලා කියන්න මං දන්නවා. අළුක් වැඩක් අරඹන්න, අළුතින් දෙයක් කරන්න හීන පිරිලා ඇති අපි හැමෝගෙම. ඉතින් ඒ හීන අපි එක්කම වැලලෙන්න නොදී අපිට අළුත් හුස්මක් ගන්න ඉඩ තිබ්බාට තමයි මම මුලින්ම ස්තූතියකින්ම පටං ගත්තේ...

මං හිතන්නේ අපි ලොක විනාසයක් නොවුණා කියලා හීනාවෙලා අළුත් අවුරැද්ද පටං ගන්න නරකයි. කවුද දන්නේ , අපිට මොන වගේ කරදර වලට මුහුන දෙන්න වෙයිද දන්නෑ ,අසුභවාදීව හිතනවා නෙවෙයි.. අපි සූදානමෙන් අළුත් අවුරැද්දට පය තියමු.

හැමෝගෙන්ම නව වසරට ඕනේ තරම් සුභ පැතුම් ලැබෙන නිසා, මං , “සුභ නව වසරක්“ කියන එක පොඩ්ඩකට වෙනස් කරලා ඉල්ලීම් කිහිපයක් කරන්න හිතුවා...
පරණ වැරදි ආයෙ නොවෙන්න වග බලාගන්න . මතුපිටින් පේනවට වඩා සමාජය ගන්න දෙයක් නැතිවෙලා.තනිව හදන්න බැහැයි කියලා පැත්තකට නොවී එක එක්කෙනා හරි , හරියටය ඉන්න ගත්තොත් මේ සමාජෙ යම්තාක් දුරකට හරි හඩගැහෙයි. පරක්කු නැහැ ,තවමත් සහමුලින්ම අපි පිරිහිලා විනාශවෙලා නැහැ මොකද මනුස්සකම /අනුකම්පාව /අවංක කම තවම වඳ වෙලා ගිහින් නැති නිසා. තමන්ගේ වගේම අනෙකාගෙත් සතුටට තැනක් දෙන්න.ගරැත්වය දෙන්න ඕනෙ තැනට ගරැත්වය දක්වන්න. දෙයක් කරන්න කලින් ඒ දේ හරිද කරන්න සුදුසුද කියලා හිතන්න.එතකොට ඔයාට වරදින්නේ නැහැ කවදාවත්.

ඔබට  ජය, සතුට සැනසීම පිරැණ සුභ නව වසරක්....!!!

                                    --- චිරං ජීවතු චිරං ජීවතු ආයු රක්ඛන්තු ආවඩා ---

Comments

  1. කොහොම උනත් ඉතින් හෙට ඒ කියන්නේ තව පෑයකට ආසන්න කාලයකදී 2013 අපිට උදා වෙනවා... සමහර රටවල් වලට දැනටමත් උදා වෙලා... සෝ එහෙමනම් හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා 2013 වසර..

    ReplyDelete
  2. සුභ නව වසරක්.....! සුභ දවසක්.....! සුභ අනාගතයක්.....!!!

    ReplyDelete
  3. ලෝක විනාසෙ නොවුන එක තමයි ලෝක විනාසෙ. හෙ හෙ.

    මොනා උනත් කදිම ඉල්ලීම් කීපයක්. එහෙනම් ඉතින් ජීවත් වෙමු. දරාගමු. හැඩ ගැහෙමු.
    ජය!

    ReplyDelete
  4. අහ්.. සුබ පැතුම නියමයි .. ජය

    ReplyDelete
  5. ජය සතුට සපිරේවා...!!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම