අම්මා

ම්මලා කොච්චර වැඩ කරනවද ඇත්තට....
මං කියන්නේ, අතට පයට වැඩකරැවන් ඉන්න සුපිරි නිවසක ජීවත්වෙන මමීලා ගැන නම් නෙවෙයි.සාමාන්‍ය පවුලක රැකියාවක් නොකරන අම්මලා ගැන.
වරදවා හිතන්න එපා...
තාත්තා වැඩ නොකරනවා නෙවේ ,තාත්තා තමයි ගෙදර වියදම් දරන්නේ.
ඔන්න පටං ගත්තා....

අම්මා, පාන්දර 3ට කිට්ටුවෙන්න නැකිටිනවා සාමානයෙන්.. මං මේ කියන අම්මාට ඉන්නවා රජයේ රැකියාවක් කරන ස්වාමිපුරැෂයෙක්, ඉස්කෝලෙ යන සා/පෙල පුතෙක්, උ/පෙළ කරපු ප්‍රතිඵල එනකන් කලාස් දුවන දුවෙක්,3වසරෙ පොඩ්ඩෙක්.
ඔන්න අම්මා පාන්දර නැගි
ටලා උයනවා කට්ටියටම කෑම ගෙනියන්න.උයලා චූටි කොල්ලාව ලෑස්ති කරලා.ලොකු කොල්ලාගේ වැඩත් කරලා,කෙල්ලගේ කෑම එකයි මහත්තයගේ කෑම එකයි ලෑස්ති කරලා කට්ටියම යැව්වයි කියමු.
ඔන්න යුද්දේ පටං ගත්තා.....
ගියා මුලින්ම මුළු ගේම අස් කරලා අතුගාලා, ම්දුලත් අතුගාලා ආගම සිහිකරලා,කාමරෙන් කාමරේට ගිහින් කට්ටිය වටේට දාපු කිලුටු ඇඳුම් අරං ඒවා සෝදලා දාන්න යනවා. පුළුවන් ඉක්මනින් ඒක කරත් අඩුම 10 වත් වෙනවා. ඊට පස්සේ උදේට අම්මා කන්නේ 10ට. ඊලඟට අම්මා වලං පිඟන් එක්ක ඔට්ටුවෙනවා. සමහර විට ගේ මොප් කරන්නත් වෙයි. ඊගාවට අම්මා තව මොනාහරි මාලුවක් හදන්න පටං ගන්නවා නැත්තම් කෙල්ලයි කොල්ලෝ දෙන්නයි අම්මා කන්න හදනවා “ උදේ ඒවද අප්පා....මට බඩගිනි නැහ් “ කියලා.
12ට කිට්ටුයි පොඩි කොල්ලයි කලාස් ගියපු කෙල්ලයි ගෙදර එනවා ( පොඩ්ඩා එක්කං එන්න ඔනි නම් අම්මා ඒකට දුවන්න ඕනේ.)
ඔන්න කෙල්ල ආවා අම්මේ මහන්සී කිව්වා කෑවා නෑවා දොයි, පොඩ්ඩා කන්නැතුව රවුමේ යන්න හදනවා අම්මා බලෙන් ඇදගෙන අරං කවන්න ඕනේ මොකද නැත්නම් කොල්ලා ආයෙ එන්නේ නටලා නටලා කරැවල උනාම.
ඔන්න සා/පෙළ නළුවා වඩිනවා ගෙදරට....
ගෙදරට ආව ගමන් “අම්මේ බඩගිනී“
ඒත් අම්මා එලියේ අව්වට දාපු ඇඳුම් කනපිට හරවනවා පාට පිච්චෙන හංදා. ඒ අස්සේ මාළුව නටනවා මදිවට අධාරපත්‍රයත් උස්සං කවුදෝ ගෙදර බෙල් එකේ එල්ලිලා. ළමයි එකෙක් හුම්.. සද්ද නෑ සාධරණයි අම්මාට තරහ ඇවිත් බනී “ ඕනෙ නම් බෙදං කාපං නැත්තම් නිකං ඉඳපං“ කියලා.
ලොකු කොල්ලා මාර පුත්‍රෙයක් නම් ඌගේ ඉක්කෝලේ කාලඡ්චේද 8ම තරහයි, වලියක් ගියානම් ඒකේ තරහයි සියල්ල අම්මා පිටිං යවනවා වාග් ප්‍රහාර බවට හරවලා. අම්මාත් ඒවා අහගෙනම බැන බැන හරි කොත ගහලා බත් එක බෙදලා දෙනවා.දීලා මිදුලේ ඉඳන් ගෙට එනකං කොල්ලෝ දෙන්න හලපු ඇඳුම් පැලඳුම් අහුලලා පිලිවෙලට තියනවා. පස්සේ බඩගිනි නිවාගන්න ඉක්මනට බත්ටිකක් කනවා.කාලා අම්මා නා ගන්නවා. නාගෙන ඇඳුම් ට්ක එකතු කරලා කට්ටියගේ කාමර වලට දාලා අම්මා කොල්ලෝ දෙන්නාගේ වතුර බෝතල් කෑම පෙටිටි හොයලා සෝදන්න ඹ්නේ,
දැන් ඉතින් 4 පහුවෙලා. අම්මා උයන්න පටං ගන්නවා රැට බත් එක ලිපේ තියලා අම්මා කොටුවකුත් අරං යනවා පොඩි කොල්ලා හොයන්න.ඌට වගක් නෑ සෙල්ලමට වැටුනම . ඒත් තාත්තා එන්න කලින් ගෙදර නාවොත් කොල්ලට වදින පාර සැරයි කියලා අම්මා දන්නවා.
ඉතින් එක්කගෙන ආවයි කියමු.කට කැඩෙනකං කෑගහලා පොඩ්ඩා නාලා ගෙට ගෙනත් දාලා ඉතිරි ටික උයනවා.අඩුපාඩුවක් ගෙන්න ගන්න ලොකු පුතේ කිව්වොත් “ මං වැඩක්“ ( කොරන වැඩක් නෑ නිදි නැත්නම් ඇබ දෙක කනේ ගහං) ඉතින් අම්මාම යනවා.ගිහින් ඇවිත් උයලා ඉවර කරලා ගේ අතුගාලා පහන තියනවා.
ඹන්න දැන් ලොකු කෙල්ල නැගිටලා ටී.වී එක දාගෙන ඇස් දෙක ඒකේ අලවගෙන ඉන්නවා වැරදිලාවත් කුස්සියට යන්නෑ.
කරැවවලත් එක්කම මහන්සි පිටින් තාත්තා එනවා. කට්ටිය හුම් නෑ හොඳ ලමයි වගේ පොත් පෙරලගෙන හීන බලනවා, කෙල්ල තනියෙන් හිනාවෙනවා..
පොඩ්ඩා විතරක් පන කඩාගෙන ඉක්කෝලෙ වැඩ. අම්මා තාත්තට තේ හදලා දීලා ඹන්න ටිකක් නිදහස් උනා පොඩ්ඩක් ටි.වි එකට ඇහැ දාන්න ආවත් කෑම මේසෙට යවන්න අම්මා ආයෙ දුවනවා. කට්ටිය කාලා තියලා යන පිඟං සේරම හෝදලා තියලා අම්මා ඇගපත සෝදන් ගෙට එද්දි කට්ටිය දොයි. අන්තිමට අම්මා නිදා ගෙන ආයෙත්  පරන යුද්දෙම හෙටත් ...................
අම්මත් රැකියාවක් කරනවානම් ......!!!එහෙනම් උදේ 8 ඉඳං හවස 6 වෙනකං වැඩකරලා  මේ වැඩත් කොහොම හරි කරන්නම වෙනවා???  අපිට එහෙම නම් පිස්සු හැදෙයි...

නිකමට ඉන්න ගමං ඔළුවට ආවේ......................

Comments

  1. හොඳ ලිපියක් නංගා..දිගටම ලියන්න..

    ReplyDelete
  2. හඃ හා... එක හුස්මට කියවන්න පුළුවන් !!

    ReplyDelete
  3. මේකනම් මන් හුඟාක්ම ආස ලිපියක්. හැමදේම ගානට පදමට. සුපිරියි.

    ReplyDelete
    Replies
    1. මේක මට ගොඩක් විශේෂයි

      Delete

Post a Comment

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම