කවුළු පියන්පත් විවරකළ වගයි....!!

හාහා පුරා කියලා ඔන්න අනුරාධ අයියේ මං ලියන්න පටං ගත්තා.,
බ්ලොග් ගැන අකුරක් වත් නොදැන ඉඳපු මට,  ඔයා මට අකුරෙන් අකුර කියලා දුන්නු හැටි කවදාවත් අමතක කරන්නේ නම් නෑ. මොකද මට බ්ලොග් කියන විෂය ධාරාවේ “අ“ කියලා දුන්නේ ඔයා.
ඉතින් මේතැන් ඉඳන් මේ කවුළුවෙන් එබෙන හැ‍මෝටම හොඳ දෙයක්  දෙන්න ලැබුනොත් ඒකේ මූල් ගල ඔයා.... නරකක් වුණොත් ඒ මගේ වරදක්ම විතරයි...
ඒක පාරක් ස්තූතියි කියලා නවත්වන්න බැරි හිංදා
....මං  ස්තූති නොකියාම නවතිනවා.
 
ඉතින් අද ඉඳන් මම ලියනවා ... අපි කතා කරමු , හිනාවෙමු,  දුක සතුට බෙදාගමු..
මේ විවෘත ආරාධනය සයිබර් අවකාශයේ මගේ පුංචි කවුළුවෙන් එබෙන ඔය හැමෝටමයි....!

Comments

  1. Gd luck akki hodata karagena yanna :)

    ReplyDelete
  2. We salute!
    Go ahead shawty. We do appreciate the way ya trynna see the world.

    ReplyDelete
  3. මුල අමතක නොකරන එක හොඳ ගතියක්...මට ඉන් එහොට මුකුත් කියවෙන්නෙ නෑ.. නංගා අඳුර ගත්තාට සන්තෝසයි... සතුටුයි.. අනුවානෙ ගුරුතුමා... නියමයි.. එහෙනං

    ReplyDelete
  4. එවන් ගුරෙක් ලද සිසුවිය..නිවුනා නිවුනා..අහ් වැරදුනා..ඇවිලිලා පත්තු වෙලා ගියා වේ...

    ReplyDelete
  5. කෝ බලන්න වර්ඩ් වෙරිෆිකේෂන් අහක් වෙලාද කියලා..?

    ReplyDelete
  6. නංගිට ජය.....
    අනේ සෝයි අනේ.. ම‍ට කියන්න වචනත් මදි.....♥

    ReplyDelete
  7. ආරම්භය කියන්නෙ එක පියවරක් විතරයි. ආරම්භය සාර්ථක වෙන්නෙ පවත්වාගෙන යෑමත් එක්ක. මන් තදින්ම විස්වාස කරනවා මේ ආරම්භය ලොකු ගමනක මුල් පියවර වේවි කියලා.
    සුභ පැතුම් නංගි. දුවන්න ඕනෙ නෑ. හෙමින් ඇවිදිමු. ඔයාට පුලුවන්,
    ජය!!!

    ReplyDelete
    Replies
    1. තවම වැටි වැටි ඇවිදින්න හදනවා අයියේ.අත දුන්නට ගොඩක් පිං!!!

      Delete

Post a Comment

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම